May 01, 2024

සමාජ මාධ්‍යයෙන් උපදෙස් දෙන්න ගිය කෙනාට මිකී ආතර් කියපු සැර කතාව

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිතරම සමාජ මාධ්‍යයෙන් ඉවත් වී සිටින්න යැයි උපදෙස් ලබාදෙන කෙනෙක්.

එවන් අවස්ථාවක මිකී ආතර්ට සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබාදීමට ගිය ට්විටර් පරිශිලකයෙකුට මිකී විසින් තරමක සැර කතාවක් කියා තිබුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරි වේග පන්දු යවන්නා මෙන්ම දඟ පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා කැඳවා තිබෙනවා.

මෙරට බොහෝ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම දෙදෙනාටම සුබ පැතුම් එක්කර තිබුණා.

මේ අතර එක්තරා ට්විටර් පරිශිලකයෙකු මිකීට පැනයකුත් අසමින් චෝදනා කර තිබුණේ “මිකී ඇයි ඔබ එක වචනයක් කතා නොකරන්නේ හෝ අඩුම IPL සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන්ට සුබ පතන්නෙවත් නැත්තේ?” යනුවෙනි. එහිදී එම පරිශිලකයා විසින් වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ක්‍රීඩකයන් ලබාගැනීමට තිබෙන උසස් මට්ටමේ පුහුණු අවස්ථාවක් විනාශ කිරිමට උත්සහ කරමින් සිටිනවාද යන්නයි.

එයට පිළිතුරක් ලබාදුන් මිකි විසින් සඳහන් කර සිටියේ තමන් සෑම දිනකම පාහේ තමන්ගේ ක්‍රීඩකයන් සමඟ කතා කරන බවයි. ඔවුන්ට සුබ පැතීම සඳහා තමන්ට සමාජ මාධ්‍ය වෙත යෑමට අවශ්‍යතාවයක් නැති බවත්, තමන් එය වසා දැමූ දොරවල් පිටුපස සිට කරගන්නා බවද මිකී විසින් පවසා සිටියා.

තමන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර කියන්නේ කුමක් ගැනද යන්න පිළිබඳව සිතා බලන්න යැයිද මිකී එහිදී සඳහන් කර තිබුණා.

Rate this item
(0 votes)