May 21, 2024

කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග අහිමි වෙන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ආරම්භ පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු දැන් දින 10ක කාලයක් සඳහා ස්වයං නිරෝධායනයේ නිරතව සිටින බවයි

එම කාලය තුළදී ඔහුගේ ප්‍රගතියක් වාර්තා නො වුණහොත් ඔහුව ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු තරඟාවලියටද සහභාගී කරවා ගැනීම අවිනිශ්චිත වෙනවා.

කුසල්ගේ පෙරේරා උරහිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලියටද ඔහුට සහභාගී වීමට ඉඩ අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය දමින්ද අත්තනායක විසින් ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියකට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ කුසල් හට හෘද ඇගයීම් සහ වෙනත් පරීක්‍ෂණ කිහිපයක් පැවැත්වීමටද නියමිත බවයි. එහි ප්‍රතිඵලයන් යහපත් වුවහොත් ඔහුට ක්‍රීඩා කිරීමට බාධාවක් නොමැති බවද අත්තනායක මහතා පවසා තිබුනා.

 එළැඹෙන 25 වැනිදා දකුණු අප්‍රිකානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජෛව ආරක්ෂණ බුබුළකට ඇතුළත් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරා කුසල් කොවිඩ්-19 රෝගී තත්ත්වයෙන් සුවය ලැබුවත් ඔහුගේ උරහිසේ ආබාධය ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට තරම් සුව වී ඇතිදැයි යන්න ගැටලුවක් වී තිබෙනවා. 

Rate this item
(0 votes)