May 16, 2024

එංගලන්ත ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ රූට්ගේ වාර්තා

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් අද වන විට ලෝකයේ ටෙස්ට් පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්ව තිබෙනවා.

ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ දී ජෝ රූට් ඉහළ දස්කම් අතරට පැමිණ සිටිනවා. 

මෙම වසරේ දී පමණක් ටෙස්ට් ශතක 05ක් වාර්තා කර ඇති ජෝ රූට් දෙවැනි වන්නේ එංගලන්තයේ බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන මයිකල් වෝන්ග් වසරක් තුළ ලබාගත් ටෙස්ට් ශතක 06 සඳහා පමණයි.

පහතින් තිබෙන්නේ ජෝ රූට් මෙතෙක් එංගලන්ත ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් තබා ඇති වාර්තාවන් පහතින්,

ජෝ රූට්, ග්‍රැහැම් ගූච්ගේ ටෙස්ට් ලකුණු 8,900 ඉක්මවා ගොස් තිබෙන අතර ඇලෙස්ටෙයාර් කුක්ගේ ලකුණු 12,472 පසුපසින් එංගලන්ත සර්වකාලීන ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී සිටිනවා.

වයස අවුරුදු 30 යි දින 227 ක් වූ ජෝ රූට්, ඇලෙස්ටෙයාර් කුක්ට පසුව ටෙස්ට් ලකුණු 9,000 ලබා ගත් දෙවන ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වී සිටිනවා.

ජෝ රූට් සිය 22 වන ටෙස්ට් ශතකය වාර්තා කර තිබෙනවා. එංගලන්තය සඳහා වැඩිපුර ශතක වාර්තා ඇත්තේ කුක් 33ක් සහ කෙවින් පීටර්සන් 23ක් පමණ ලෙසිනි.

ලකුණු 150 බැගින් 11 වතාවක් රැස්කරගෙන සිටින ජෝ රූට් එම වාර්තාවේ ඇලෙස්ටෙයාර් කුක් සමඟ සමතැන් ගෙන සිටිනවා.

ජෝ රූට් 2021 වසරේ දී දී සිව්වන වරටත් ලකුණු 150 සීමාව පසු කර ලකුණු වාර්තා කරන්න සමත් වූ අතර දින දර්ශන වර්ෂයකදී පාකිස්ථානයේ මොහොමඩ් යූසුෆ්ට පමණක්ට පමණක් දෙවැනි වෙනවා.

ජෝ රූට් මේ වසරේ ටෙස්ට් තරග 10ක සහභාගී වී ඇති අතර එහිදී ලකුණු 1,244ක් රැස්කර ගෙන සිටින අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 69.11ක් ලබාගෙන සිටින අතර ශතක 1ක් ලකුණු 150 බැගින් අවස්ථාවන් 2ක් සහ ද්වීත්ව ශතක 2ක් වාර්තා කර තිබෙනවා.

Rate this item
(0 votes)