May 15, 2024

ශ්‍රී ලංකා කෙල්ලන් පිරිසක් ඉතාලියේ ලැබූ ජයග්‍රහණය (VIDEO)

ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු 20විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ජය ලැබීමට සමත් වූවා.

ඒ ඔස්ට්‍රියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව යි.

විශේෂත්වය වන්නේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කතුන් 11 දෙනෙකුගෙන් ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමන්විත වීම යි.

කුමුදු නෙරංජලා ෆෙඩ්‍රික් විසින් කණ්ඩායමේ නායකත්වය උසුළනවා.

ඔස්ට්‍රියාවට එරෙහි තරගයෙන් ඔවුන් කඩුළු 08ක ජයක් හිමිකරගත්තා.

කඩුළු 03ක් දැවී ඔස්ට්‍රියාව ලබා ගත් ලකුණු ගණන 107ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලි කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක දී කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 108ක් ලබා තරගය ජය ගත්තා.

නායිකා කුමුදු නිරංජලා නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 47ක්.

එම තරගයේ සජීවී පටිගත කිරීම පහතින්...

Rate this item
(1 Vote)
Last modified on Monday, 09 August 2021 20:34