May 14, 2024

වනිඳු හසරංග ගැන ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාත් දැඩි අවධානයෙන්

කාලයකට ඉහත දී ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ පන්දු යවන්නන්ට හිසරදයක් වූ ආරම්භක පිතිකරුවෙකු වන විරේන්ද්‍ර ෂෙවාග් ද ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙමින් සිටිනවා.

ෂෙවාග් විසින් වනිඳු ගැන සඳහන් කරමින් පවසා සිටියේ ඔහුගේ පන්දු යැවීම ඉතා විශිෂ්ඨ මට්ටමක පවතින බවයි. නිමා වූ ඉන්දීයා - ශ්‍රී ලංකා T20 තරඟාවලියේදී අවසන් තරගයේ දී වනිඳු විසින් ඉන්දීය මැද පෙළ ක්‍රීඩකයන් අසරණ කළ ආකාරය පිළිබඳව ෂෙවාග් දැඩි පැසසූමකට ලක් කර තිබුණා.

ඔහු පවසා සිටින්නේ වනිඳු එම තරගයේ දී දී සංජු සැම්සන් සහ රුතුරාජ් ගයික්වාඩ් කඩුළු දෙක දවා ගැනීමත් සමඟ ඉන්දියානු කණ්ඩායමේ කොන්ද බිඳි ගිය බවයි.

වනිඳු හසරංගව ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධ කර ගැනීම පිළිබඳව තමන්ට පුවත් කිහිපයක් අසන්නට ලැබුණු බවද ෂෙවාග් සඳහන් කළ අතර වනිඳුට එයට සම්බන්ධ වීමට අවශ්‍යව තිබූ බවත් ඔහු විසින් එය ඔප්පු කර පෙන්වූ බවත් පවසා සිටියා.

වනිඳුව ලබාගැනීම සඳහා කණ්ඩායම් සාකච්ඡා ආරම්භ කරනු ඇති බවට පවසන ෂෙවාග් වැඩිදුරටත් සඳහන් කර සිටියේ වනිඳු නියම අවස්ථාවේ නියම දස්කම් දැක්වූ බවද පවසමිනි.

Rate this item
(0 votes)