May 14, 2024

ග්‍රාන්ට් ෆ්ලවර් වෙනුවට පිතිකරණ පුහුණුකරු ධූරයට නම් 03ක්

ග්‍රාන්ට් ෆ්ලවර්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරය තවත් කාලයක් සඳහා දීර්ඝ වීමක් සිදු නොවනු ඇති බවට ඉඟි පළවෙමින් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය පිතිකරණ පුහුණුකරුවෙකු සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සඳහා දැනට නම් 03ක් යෝජනා වී තිබෙනවා. ඒ අතර තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර පසුව නැවත වයස අවු.19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කැඳවූ ධම්මික සුදර්ශන, අවිශ්ක ගුණවර්ධන, නවීඩ් නවාස් මෙලෙස යෝජනා වී ඇති නම් අතරට අයත්.

නවීඩ් නවාස්ගේ නම යෝජනා වී තිබුණත් ඔහුට එම තනතුර හිමි වීම පිළිබඳව මතභේදාත්මක දෙයක් බවට පත් වී ඇති බැවින් බොහෝ විට ධම්මික සුදර්ශන හෝ අවිශ්ක ගුණවර්ධන යන දෙදෙනාගෙන් අයෙකුට මෙම තනතුර හිමිවනු ඇති බවටයි සඳහන් වන්නේ.

දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ධම්මික සුදර්ශන හට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වීමේ වැඩි අවස්ථාවක් තිබෙන බවත් සඳහන් වෙනවා.

Rate this item
(1 Vote)