May 02, 2024

බිලියන 1.9ක් වූ ජනතාවක් වෙනුවෙන් යුපුන් අද ඔලිම්පික් තරග බිමට

සමස්ත දකුණු ආසියාවේ සිටින බිලියන 1.9ක් වු ජනතාවක් නියෝජනය කරමින් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් විසින් අද (31) දිනයේ දී ටෝකියෝ ඔලිම්පික් හී මීටර් 100 මූලික තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.15කට ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යුපුන් බොහෝ වාර්තා බිඳ දමමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත් වීමට සමත් වූ අතර ඉතිහාසය තුළ දකුණු ආසියානු ජාතිකයෙකු මීටර් 100 හොඳම කාලය වන තප්පර 10.16ක කාලයක් ද යුපුන් විසින් වාර්තා කිරීමට සමත් වුණා.

මෙරට සිටින සියලු ජනතාවද යුපුන් ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරනු ඇතැයි අපේක්ෂාවෙන් අද රූපවාහිනිය දෙස බලා සිටීමට නියමිතයි.

Rate this item
(0 votes)