May 02, 2024

ටෝකියෝ ඔලිම්පික් අදින් ආරම්භ වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අද (23) දිනයේ දී ජපානයේ

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී එරට වෙලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

පසුගිය වසරේ දී මෙම ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තිබුණත් ගෝලීයව පැතිර ගිය වසංගත තත්ත්වය හේතුවෙන් තරඟාවලිය මේ වසර දක්වා කල් දමනු ලැබුවා. මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්වලට යටත්වයි.

අදින් ආරම්භ වන ඔලිම්පික් තරඟාවලිය අගෝස්තු 08 වැනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

හෙට (24) දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුව පිටියට පිවිසන්නේ ටෙහානි එගොඩවෙල වන අතර ඇය විසින් මීටර් 10 එයාර් රයිෆල් කාන්තා තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගය ආරම්භ වන්නේ අලුයම 5.00ටයි.

ශ්‍රී ලංකව නියෝජනය කරමින් දෙවනුව තරග බිමිට පිවිසෙන්නේ අනිකා ගෆූර් වන අතර ඇය මීටර් 100 සමනළ ආර පිහිනුම් තරඟයේ මූලික වටයේ තරගයක් සඳහා ඉදිරිපත් වීමට නියමිතයි. එම තරගය ආරම්භ වන්නේ හෙට (24) දිනයේ සවස 3.58ටයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරනු තෙවනුව තරඟය වන පිරිමි බැඩ්මින්ටන් ඒකල තරගය සඳහා නිලූක කරුණාරත්න තරඟ වැදීමට නියමිත අතර ඔහු සහභාගී වන තරගය හෙට (24) දිනයේ සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

Rate this item
(0 votes)