April 20, 2024

ලෝකයේ පළමු වතාවට සංක්‍රාන්තික ලිංගිකත්වය සහිත අයෙක් ඔලිම්පික් වෙත

ලබන මාසයේ ඇරඹීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නවසීලන්තය නියෝජනය කරමින් ලොව පළමු වතාවට කාන්තා බර එසවීමේ ඉසව්ව සඳහා සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත ක්‍රීඩිකාවක් ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

 43 වැනි වියේ පසුවන ඇය නමින් ලෝරල් හබාර්ඩ්.

ඇය 2013 වසරේ දී සංක්‍රාන්තික ලිංගකත්වයට පත්වීමට පෙර පිරිමි බර එසවීමේ තරඟාවලියන් සඳහා ක්‍රීඩා කර තිබුණා.

ලෝක ඔලිම්පික් කමිටුව විසින්  2015 වසරේ දී නීතිරීති සහ මාර්ගපෝදේශයන් වෙනස් කිරීමෙන් පසුව ලෝරල් හට මෙම අවස්ථාව හිමි වී තිබෙනවා‍.

2017 ලෝක බර එසවීමේ ශූරතාවලියේ දී ලෝරල් විසින් රිදී පදක්කම දිනාගෙන තිබෙන අතර ඇය ලෝක බර එසවීමේ ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි ස්ථානයේ පසුවෙනවා.

මෙරව ඔලිම්පික් උළලේ දී ඇයට අභියෝගයක් විය හැකි ක්‍රීඩිකාවක් සිටිය නොහැකි බවට මත පළවෙනවා. එයට හේතුව වී ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සහභාගී වන පිරිස අඩු කිරීම සඳහා එක් ක්‍රීඩා කාණ්ඩයක් සඳහා එක් රටකින් එක් ක්‍රීඩකයෙකු පමණක් සහභාගී කරවීමේ නීතිය ක්‍රියාත්මක වන බැවිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 09:13