April 25, 2024

කිසිම රටකට අයිති නැති ක්‍රීඩකයෙක් 2021 ටෝකියෝ ඔලිම්පික් වෙත එයි?

කෙන්යාව නියෝජනය කරනු ලබන කෙටි දුර ධාවන ශූරයෙකු අපුරු සිදුවීමකට මුහුණ පා තිබේ.

කෙන්යාවේ මීටර් 100 ජාතික වාර්තාවට පවා හිමිකම් කියන ෆර්ඩිනන්ඩ් ඕමානාලා මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

2017 වසරේ දී තහනම් ඖෂධයක් භාවිතා කිරීම යටතේ කෙන්යාවේ මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය විසින් ඔහුට මාස 14ක තරඟ තහනමක් පනවා තිබුණි. 

ඔහු එම තහනම අවසන් කර පසුව පුහුණු වීම් කොට ඔලිම්පික් සඳහා සසුදුසුකම් ලබා ගන්නට සමත් වෙයි.

නමුත් ඕමානාලාව කේනයාවේ ජාතික ඔලිම්පික් කණ්ඩායම වෙත ඇතුළත් කරගෙන නොතිබුණි.

ඒ අනුව ඕමානාලා විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හරහා ස්වාධීන ක්‍රීඩකයෙකු ලෙස 2021 ටෝකියෝ ඔලිම්පික් වෙත ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඕමානාලා තවමත් තමන්ගේ රට නියෝජනය කිරීමට හැකිදැයි බැලීමට උත්සාහ කරමින් සිටින බවට වාර්තා වෙන අතර ඔහුට කෙන්යානු ජාතික ධජය යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි නම් කෙන්යානු ඔලිම්පික් ධජය යටතේ හෝ ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

2021 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට පැවති මීටර් 100 කෙටි ධුර ධාවන තරඟයේ දී ෆර්ඩිනන්ඩ් ඕමානාලා විසින් තප්පර 10.01ක කාලයක් වාර්තා කර තිබූ අතර එය කෙන්යාවේ ජාතික වාර්තාව බවටද පත්විය.

ඕමානාලාට සිය රට නියෝජනය කිරීමට අවස්ථාව නොලැබුණහොත් ඔහු කේනයාව නියෝජනය නොකර එහෙත් එරට ඔලිම්පික් ධජය මඟින් ඔලිම්පික් තරඟාවලියට එකතු වන ස්වාධීන ක්‍රීඩකයෙකු වනු ඇත.

Rate this item
(0 votes)