May 03, 2024

ශ්‍රී ලංකාවේ තවත් ඔලිම්පික් සිහිනයක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ජාතික පිහිනුම් ශූරයා වන මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් හී සිය තරගය සඳහා සහභාගී වුණා.

පිහිනුම් තරග අතරින් වේගවත්ම ඉසව්ව වන නිදහස්ආර තරඟ ඉසව්වේ මූලික වටයේ 04 වෙනි තරගය සඳහා මැතිව් මෙලෙස සහභාගී වුණා.

නමුත් මැතිව්ට අවසන් පුර්ව වටයන් සඳහා තේරී පත්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. 

මැතිව් තරගය අවසන් කළේ 08 වැනියා ලෙස වන අතර ඔහුට වාර්තා කළ හැකි වූ කාලය වනුයේ තප්පර 50.62ක කාලයක්.

එම මුලික වටයේ තරගයේ ජයග්‍රහණය කිරීමට හොංකොං ජාතික ක්‍රීඩකයා සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තප්පර 49.49ක්.

තරගය ආරම්භයේ පටන් මැතිව් පෙරමුණ ගෙන තිබුණත් අවසන් මොහොත වන විට ඔහුට තරගය ගිහිලි ගියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 16:54