May 02, 2024

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් මැතිව් අද තරග බිමට

ශ්‍රී ලංකාවේ ජාතික පිහිනුම් ශූරයා වන මැතිව් අබේසිංහ අද (27) දිනයේ ටෝකියෝ ඔලිම්පික් උළලේ සිය තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.

මැතිව් සහභාගී වන තරගය මෙරට වෙලාවෙන් සවස 3.39ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝකයේ බොහෝ දෙනෙකු අවධානය යොමු වන පිහිනුම් ඉසව්වක් වන මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මුලික වටයේ තරගයක් සඳහා මෙලෙස මැතිව් අබේසිංහ සහභාගී වීමට නියමිතව තිබෙන්නේ.

තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් අභියසට යාමට නොහැකි වුණත් මෙරටින් සහභාගී වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් මෙවර පවතින දැඩි තරඟකාරීත්වය යටතේ වූවද ඉහළ දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

Rate this item
(0 votes)