April 26, 2024

කාසියේ වාසිය විසඳෙයි - තීරණාත්මක අවසන් තරගයට සියල්ල සූදානම්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින 20විස්ස තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මීට සුළු මොහොතකට පෙර සිදු වූ අතර ඉන්දීය නායක ශිකර් ධවාන් එය හිමිකරගත්තා.

ඉන්දීය නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය පිටියට පිවිසීමට නියමිත යි.

තරගාවලිියේ පළමු තරගය ඉන්දියාව ජයගත් අතර ඊයේ පැවැති දෙවැනි තරගයේ ජය තියුණු ලෙස ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගාවලිය මේවන විට 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

අවසන් තරගය තියුණු සහ තීරණාත්මක එකක් වී තිබෙන්නේ ඒ නිසා යි.

ඉන්දීය ක්‍රීඩක කුනාල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාදිත වීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් වූ ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අද තරගයට සහභාගී වන්නේ නැහැ.

ප්‍රිත්වි ෂෝ, සූර්යකුමාර් යාදව්, මනීෂ් පාණ්ඩේ, ඉෂාන් කිෂාන් සහ යුෂ්වේන්ද්‍ර චහල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද ඒ අතරවනවා.

ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ මෙම ඉන්දීය ප්‍රබලයින් නොමැති වීම ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර වාසියක් සේ සැළකිය හැකි බව යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 July 2021 20:30