May 18, 2024

දෙවැනි තරගය ඇරඹෙයි - කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පන්දු රැකීමට යි.

ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

දෙවැනි 20විස්ස තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (27) වුවත් ඉන්දීය ක්‍රීඩක කුනාල් පාන්ඩ්‍යා හට කොවිඩ් 19 ආසාදිත බවට හඳුණාගැනීමත් සමග තරගය අද (28) දිනට කල් දැමුණා.

Rate this item
(0 votes)