April 28, 2024

විනය කැඩූ තුන්කට්ටුවගේ තීරණාත්මක දිනය නම් කරයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වූ තිදෙනා වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට එරෙහි විනය පරික්ෂණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 29 වැනිදා කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විනය පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් විසින් මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මෙම පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

ක්‍රීඩකයන් තිදෙනාද එදිනට මෙම පරික්ෂණයට සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව ආරක්ෂණ බුබුළෙන් ඉවත් වී එංගලන්තයේ ඩර්හැම් නගරයේ ඇවිද යමින් සිටි මෙම ක්‍රීඩකයන් තිදෙනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකු විසින් සිය දුරකථන කැමරාවට හසුකරගෙන තිබුණා.

මෙම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් හී දැඩි මතභේදාත්මක කතාබහක්ද ඇති වුණා. 

29 වැනිදා බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙන මෙම විනය කමිටුවේ තීරණය ක්‍රීඩකයන් තිදෙනාගේම ක්‍රිකට් ජීවිතයේ ඉදිරිය තීරණය කරනු ඇතියි.

Rate this item
(0 votes)