May 19, 2024

හර්දික්ගෙන් ලැබුණු බැට් එක ගැන චාමික කියපු කතාව

තවමත් 25 වැනි වියේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් වරම් හිමිකරගත් චාමික කරුණාරත්න මේ වෙද්දී බොහෝ දෙදෙනකුගේ අවධානය දිනාගන්න සමත් වෙලා.

ක්‍රිකට් පිටිය තුළදී පිතිකරණයෙන්ම, පන්දු යැවීම තුළින්ද තමන් නවකයෙකුට වඩා පරිනත ක්‍රීඩකයෙක් මෙන් ක්‍රීඩා කරන බව පෙන්වන්නද චාමික සමත් වෙලා තියෙනවා.

මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර වේගයෙන් ජනප්‍රියත්වයට පත් වූ ක්‍රීඩකයෙකු වන හර්දික් පාණ්ඩ්‍යා විසින් ඊයේ (25) දිනයේ දී ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර T20 තරඟාවලියේ පළමු තරඟයට පෙර ශ්‍රී ලංකාවේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා චාමික වෙත හරි අපුරු ත්‍යාගයක් ලබාදෙනවා.

චාමික වෙත මෙලෙස හර්දික් ලබාදී තිබුණේ ඔහු සතුව තිබූ ක්‍රිකට් පිතිවලින් එකක්. මෙම ක්‍රිකට් පිත්ත අතට ගන්න අවස්ථාවේ චාමිකගේ මුහුණ තුළ විශාල සතුටක් තිබෙනු දකින්න ලැබුණා.

මෙලෙස තමන්ට හිමි වූ බැට් එක ගැන චාමික කියා තිබුණේ හර්දික් පාණ්ඩ්‍යා යනු තමන් ආදර්ශයට ගන්නා (Role Model) චරිතය බවයි. ඔහුගෙන් මේ ලැබුණු ත්‍යාගය ගෞරවයක් බවද චාමික පවසා තිබුණා. හර්දික් විශිෂ්ට මනුෂ්‍ය ගුණාංග ඇති අයෙකු ද බව පවසන චාමික කියා තිබුණේ ඊයේ දිනය තමන් කිසිම දිනක අමතක නොකර බවයි.

චාමික ඊයේ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙන අවස්ථාවේ ද හර්දික් ඔහුට සුබ පැතුම් එක් කරන ආකාරය දැකගත හැකි වුණා.

එමෙන්ම මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඉන්දීය ක්‍රීඩකයන් එක්ව විනෝදයෙන් ක්‍රීඩා කරන ආකාරයද දැකගත හැකි වුණා.

Rate this item
(1 Vote)