April 27, 2024

තරගයට පැයයි - භානුක කැපෙයි

තවත් පැයක පමණ කාලයකින් ආරම්භ වීමට නියමිතව ඇති ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු 20විස්ස ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව භානුක රාජපක්ෂ හට අහිමි වී ගොස් ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

ඒ ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්.

භානුක රාජපක්ෂගේ ඇඟිල්ලක මෙම ආබාධය හටගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව අවසන් එක් දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිඳු හසරංග අද තරගයට එක්වනු ඇති බව වාර්තා වූවා.

දෙරට අතර 20විස්ස තරගාවලිය තරග 03කින් සමන්විතවන අතර එහි පළමු තරගය අද රාත්‍රී 8.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත යි.

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ ඉන්දියාව යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 19:38