May 09, 2024

වනිඳු එක්ක T20 තරඟාවලියට නවකයින් දෙදෙනෙක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටින විශිෂ්ට පන්දු යවන්නෙකු වන වනිඳු හසරංග අද (25) පැවැත්වෙන පළමු T20 තරඟාවලියට එකතු වනු ඇති බව වාර්තා වෙනවා.

මිකී ආතර් විසින් ද මාධ්‍ය වෙත අදහස් පළකරමින් පවසා සිටියේ වනිඳු හසරංග T20 තරඟාවලිය ක්‍රීඩා කිරීමට හැකි ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් කිසිදු නියෝජනයක් කර නොමැති නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුද ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවා තිබෙනවා. 

ඒ 24 වැනි වියේ පසුවන තුන් ඉරයව් දස්කම් දක්වන උදිත මධුෂාන් සහ එම වයසේම පසුවන තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සුමින්ද ලක්ෂාන් යන ක්‍රීඩකයන් දෙදෙනාවයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම දඹුල්ලේ පැවැති පුහුණු සැසිවලට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 02:23