April 26, 2024

මෙම වසරේ 02 වෙනි වරටත් එක්දින තරගයක ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරඟාවලියේ අවසන් තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලකුණු 28ක් තුළ දැවී ගිය අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්වුණු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යෑම සඳහා මාව විවර කළා. 

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 65ක් රැස් කළේ සිය මංගල එක්දින අර්ධ ශතකයද වාර්තා කරමින්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී රාහුල් චහර් ඉන්දීයානු කණ්ඩායම දෙසට තරඟ නතු කරගැනීමට සමත් වුණේ කඩුළු 03ක් දවා ගනිමින්. චේතන් සකරියා කඩුළු 02ක්ද, ගොව්තම් සහ හර්දික් පාන්ඩයා අතර 1ක් කඩුල්ල බැගින්ද බෙදී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ තරඟාවලි පරාජයකින් මිදි කඩුළු 03ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණු අතර මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ලබාගත් දෙවන එක්දින තරගයද වෙනවා.

තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු තේරී පත් වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 23:51