May 05, 2024

ඉන්දියාවට කාසිය වාසිය හිමිවෙයි - කණ්ඩායම් දෙකේම වෙනස්කම් 09ක්!

අද (23) දිනයේ පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියානු කණ්ඩායම වෙනස්කම් 05ක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සංජු සැම්සන්, නිතීෂ් රානා, ක්‍රිෂ්ණප්පා ගෞතම්, රාහුල් චහාර්, නව්දීප් සයිනි සහ චේතන් සකරියා අද (23) දිනයේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායමට ඇතුළත් වෙයි.

 නව්දීප් සයිනි හැර අනිත් සියලු දෙනා අද (23) දිනයේ දී එක්දින තරඟ වරම් හිමිකර ගැනීමද විශේෂත්වයක්.

තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉන්දියානු නායක ශිකර් ධවාන් විසින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද (23) දිනයේ තරඟ වදින කණ්ඩායමේ වෙනස්කම් 03ක් සිදුකර ඇති අතර ඒ අනුව අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් හට අවස්ථාව ලැබී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 15:14