May 09, 2024

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්

අද (23) දිනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරගයට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුවීමට නියමිතව තිබෙනවා.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් වනිඳු හසරංග ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වය පවතින අතර බොහෝ විට ඔහු අවසන් තරගය ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරනු ඇති.

එමෙන්ම දෙවැනි තරගය ක්‍රීඩා කළ පසුව ආබාධයට ලක්වුණු කසුන් රාජිත වෙනුවට තවත් ක්‍රිඩකයෙකු ආද්ශ කිරීමට නියමිතව තිබෙන බව කණ්ඩායම් නායක දසුන් ශානක පවසා සිටියා.

තවත් ක්‍රීඩක ආදේශයක් කිරීමට නියමිත අතර ඒ සඳහා ඉවත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට ධනංජය ලක්ෂාන්ට සහ රමේෂ් මෙන්ඩිස් හට අද තරගය සඳහා ඉඩ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායම පසුගිය දෙවනි තරගයෙන් පසුව 2-0ක් ලෙස තරඟාවලියේ ජය අත්පත් කරගෙන සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පුර්ණ තරග පරාජයකින් ගැලවීම සඳහා අද තරග බිමට පිවිසීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 12:18