April 26, 2024

දසුන් සමඟ වුණු උණුසුම් කතාබහ ගැන මිකී කියපු කතාව

ඊයේ (20) දිනයේ ඉන්දියාව සමඟ පැවැති දෙවැනි තරගයෙන් අනතුරුව පිටිය මැද ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යම් උණුසුම් කතාබහක නිරත වන දර්ශන මේ වන විටත් හවුමාරු වෙමින් තිබෙනවා.

මේ පිළිබඳව බොහෝ වාද විවාදයන්ද ක්‍රිකට් ලෝලීන් අතර ඇතිව තිබෙන අතර පිරිසක් පවසා සිටින්නේ දසුන්ගේ පන්දු යවන්නන් හැසිරවීම නිසා ඇති වුණු තත්ත්වයක් නිසා මෙම කතාබහ ඇතිවන්නට ඇති බවයි. 

තවත් පිරිසක් විසින් මිකී ආතර් වෙත චෝදනා කරමින් සිටින්නේ ඔහුගේ මෙම හැසිරීම පිළිගත නොහැකි දෙයක් බව පවසමින්.

ශ්‍රී ලංකාවට මුල සිටම වාසි සහගත තත්ත්වයක් තිබූ මෙම දෙවැනි එක්දින තරගය තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකාවෙන් උදුරා ගන්නට දීපක් චහාර් සමත් වෙනවා.

එම අවස්ථාව වන විටත් මෙරට ප්‍රේක්ෂකයන් පමණක් නොව ක්‍රීඩාගාරයේ සිටි මිකී ආතර් ද යම් බලාපොරොත්තු විරහිත භාවයකට පත්වන ආකාරය පුනරූපනයන් හී දැක ගැනීමට හැකි වුණා. 

ඉන් පසුවයි මෙම උණුසුම් කතාබහ ඇතිව තිබුණේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් රසල් ආර්නල්ඩ් විසින් පළ කර තිබූ ට්විටර් සටහනක් වෙත මිකී ආතර් විසින් පිළිතුරු ලබාදී තිබුණා.

එහිදී මිකී විසින් පවසා සිටියේ මෙවන් කතාවක්,

 “රස්, අපි එකට ජයගෙන එකට පරාජයට පත්වුණා. ඒත් අපි හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. දසුන් සහ මම කණ්ඩායම් ගොඩනගමින් ඉන්නවා වගේම අපි දෙන්නම දැඩි කලකිරීමට පත්වුණා මොකද අපි සීමාවක් ඉක්මවා ගිය නැති නිසා.. එය සැබවින්ම හොඳ වාදයක් වුණා, ඒ සම්බන්ධව කිසිම අර්බුදයක් නිර්මාණය කළ යුතු නැහැ…”

මිකී විසින් තබා තිබූ ට්විටර් සටහන,

සබැඳි පුවත -

මිකී ආතර් සහ දසුන් ශානක අතර උණුසුම් තත්ත්වයක්! (VIDEO)

Rate this item
(4 votes)
Last modified on Wednesday, 21 July 2021 13:21