May 07, 2024

මහානාමගේ නම යෝජනා වෙයි! ප්‍රධාන පුහුණුකරු විය යුතු හේතුව මෙන්න

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් වෙනුවට හොඳම ආදේශකය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම පත්වනු ඇති බවට මේ වන විටත් ඉඟි පළවෙමින් තිබේ.

ශ්‍රී ක්‍රිකට් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් විසින් ද රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු විය යුතු බවට යෝජනා කර ඇති බවට වාර්තා වෙයි.

මුරලි විසින් රොෂාන් මහානාම පත්කළ යුතු බවට යෝජනා කර තිබුණේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇති ක්‍රමය වෙනස් කළ හැකි එකම සහ ප්‍රධානම පුද්ගලයාද වන්නේද මහානාම බව පවසමිනි. 

එමෙන්ම මහානාම සතුව ඇති විනය හේතුවෙන්ද ඔහු මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙකු බවද මුරලි විසින් සඳහන් කර තිබුණා.

තමන් මේ සම්බන්ධව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟද කතාබහ කර ඇති බව මුරලි විසින් පවසා තිබුණා. 

නමුත් රොෂාන් මහානාම විසින් මෙම තනතුර බාර ගැනීම සම්බන්ධයෙන් තවත් සිතා බැලිය යුතු බවට පවසා ඇති බව මුරලි සඳහන් කර සිටියා.

රොෂාන් පත්විය යුතුය යන්න තමන්ගේ මතය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුමක් සිතන්නේ ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් මුරලි පවසා තිබුණා.

රොෂාන් මහානාම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වුවහොත් ඔහු බොහෝ විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රවී ශාස්ත්‍රි මෙන් සිය භූමිකාව ඉටු කරනු ඇති බවට බොහෝ ක්‍රීඩා විචාරකයන් පවසා සිටිනවා.

මිකී ආතර්ගේ පුහුණුකරු පිළිබඳව ඇති ගිවිසුම මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිත අතර ඉන්පසුව රොෂාන් මහානාම මහතා ප්‍රධාන පුහුණුකරු වනු ඇති බවට බොහෝ ක්‍රිකට් ලෝලීන් අපේක්ෂාවෙන් බලා සිටිනවා.

Rate this item
(0 votes)