May 07, 2024

ඔයගොල්ලො කියන විදියට දඬුවම් දෙන්න බැහැ - මුරලි මාධ්‍ය තුන් කට්ටුවට කියා දුන් පාඩම

ඔයගොල්ලන් කියන විදිහට ක්‍රීඩකයන්ට විරුද්ධව විනය පියවර ගැනීමට නොහැකි බව චමුදිත සමරවික්‍රම ඇතුළු ඔහුගේ මාධ්‍ය ගෝල බාලයන්ට මුත්තයියා මුරලිදරන් අපූරුවට කියා දුන්නා.

ඒ හිරු රූපවාහිනී සේවයේ වැඩ සටහනට එක්වෙමින්.

ක්‍රීඩකයින් තිදෙනා ගැන ප්‍රශ්නය

එහිදී චමුදිත සමරවික්‍රම ප්‍රමුඛ ප්‍රශ්න විචාරකයින් දිගින් දිගටම මුරලිදරන්ගෙන් ප්‍රශ්න කළේ එංගලන්තේ විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩකයන් තිදෙනාට කඩිනමින් දඬුවමක් නොදෙන්නේ මන්දැයි කියාය.

එහිදී මුරලිදරන් ඉතා අපූරුවට එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සඳහන් කළේ අදාල ක්‍රීඩකයන්ගේ නිරෝධායන කාලය අවසන් වූ පසු ක්‍රිකට් විනය කමිටුව ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම නිදහසට කරුණු විමසිය යුතු බවයි.

නීතිඥයින් රැගෙන ඒම

ඒ සඳහා අදාල ක්‍රීඩකයන්ට නීතිඥයකු පවා ගෙන ඒමේ අයිතිය රටේ මූලික ව්‍යවස්ථාවෙන්ම සපයා තිබෙන බවද මුරළිදරන් පෙන්වා දෙනවා.

ක්‍රීඩකයින්ට දෙන දඬුවම තීරණය කළ යුත්තේ ඉන් පසුව බවයි මුරලිදරන් අවධාරණය කරන්නේ.

හිතුමනාපෙට දඬුවම් දීම

එසේ නොමැතිව හිතු මනාපයට ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට දඬුවම් දීමෙන් තමන්ට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදීම යන හේතුව මත ඔවුන්ට අධිකරණය කරා යෑමේ අවස්ථාවක් උදා වන බව මුරලිදරන් පෙන්වා දෙන්නේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් නීතිඥයින්ද රැගෙන එන බව හෙළිදරව් කරමින්.

තමන් ක්‍රීඩා කළ කාලයේදී යම් ක්‍රීඩකයෙකුට දඬුවමක් ලබා දුන්නහොත් එය බාර ගත්තා මිස ඊට එරෙහිව කරුණු දැක්වීමට නීතිඥයින් රැගෙන ඒමේ සම්ප්‍රදායක් නොතිබුණු බවයි මුරලිදරන් පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 July 2021 11:23