May 08, 2024

දැන් ක්‍රීඩකයෝ නායකකමට මල පෙරේතයෝ - මුත්තයියා මුරලිදරන්

පසුගිය වසර හතර තුළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට නායකයින් 10 දෙනකු පත් කර ඇති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා.

ඊට හේතුව කුමක්ද යන්න ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෙළි කරනවා.

නායකකම එකම ඉලක්කය වීම

ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයකුද වන මුත්තයියා මුරලිදරන් කියන්නේ මෙතරම් නායකයින් පත්වුණේ ක්‍රීඩකයන් අතර නායකත්වයට තිබෙන පෙරේතකම මත නිසා බවයි.

ඒ සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා තුළ තුනේ හතරේ කල්ලි තුන හතරක් තිබෙන බවත් ඒ එක එක කල්ලි කණ්ඩායමේ ජයග්‍රහණ කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි මුරලිදරන් පෙන්වා දෙන්නේ.

අපේ කාලයේ ක්‍රිකට්

එහෙත් තමන් ක්‍රීඩා කරන කාලයේ නායකත්වයට කිසිවකු අතර පෙරේතකමක් නොතිබුණු බව පෙන්වා දෙන මුරලිදරන් තමාට වඩා කනිෂ්ඨ ක්‍රීඩකය කු වූ මහේල ජයවර්ධන නායකත්වයට පත්වූ අවස්ථාවේ සියලු දෙනාගේම සහාය ඔහුට ලබාදුන් බවයි සිහිපත් කරන්නේ.

එහිදී නායකයාගේ ක්‍රීඩා සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබා දීම අනිත් ක්‍රීඩකයන්ගේ වගකීම් වූ බව පෙන්වා දෙන මුරලිදරන් තමා හැම විටම තමාගේ කටයුතු කළේ තමාගේ දක්ෂතාවය උපරිම අයුරින් කණ්ඩායමට ලබාදීමට බවයි පෙන්වා දෙන්නේ.

බිරින්දෑවරුන්ගේ මැදිහත්වීම

ඒ හැරුණුකොට නායකත්වයට පෙරේත ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ද ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එකිනෙකා අතර ගැටුම් ඇති කර ගැනීම ජාතික ක්‍රිකට් පරිහානියට හේතු වූ බවයි මුරලිදරන්ගේ මතය වන්නේ.

තමන් ක්‍රීඩා කරද්දීත් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් අතරද ප්‍රශ්න තිබූ මුත් ඒවා එළියට ආවේ නැති බවත් මුරලිදරන් පෙන්වා දෙනවා.

මුත්තයියා මුරලිදරන් එම කරුණු හෙළිදරව් කළේ හිරු රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 08:57