May 21, 2024

මැතිව්ස්ට සිදුකළ ‘අපරාධය’ ගැන මාවන් කියන කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් බිහි වූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු ද වන මාවන් අතපත්තු මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඇන්ජෙලෝ මැතිව්ස් ගැන පවසා තිබුණා.

එහිදී මාවන් විසින් පවසා සිටියේ මැතිව්ස් පන්දු යැවීම නතර කළ යුතු බවයි. දැනට ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිටින තරඟයක පීඩනය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස මාවන් විසින් ඇන්ජෙලෝ මැතිව්ස්ව හඳුන්වා සිටියා.

මැතිව්ස්ගේ පිතිකරණය ගැන මාවන් එහිදී සඳහන් කර සිටි අතර ඔහු පවසා සිටියේ මැතිව්ස් හට ලෝකයේ හොඳම තාක්ෂණික පිතිකරණයක් නොතිබුණත් ඔහුගේ ඇති මානසික සහ හැකියාවන් මඟින් හොඳින් ක්‍රීඩා කළ හැකි බවයි. එමෙන්ම මාවන් තවදුරටත් පවසා සිටියේ එක්දින තරඟාවලි රටාව තුළ මැතිව්ස් දක්ෂ ක්‍රීඩකයෙකු බවයි.

මැතිව්ස් ක්‍රීඩා කරන විට ඔහු හොඳින් තරඟය කියවන බවත්, පන්දුවට පහර දෙන අවස්ථාවේ මෙය ඉතාමත් හොඳින් සිදුකරන බවද මාවන් පවසා තිබුණා.

ක්‍රීඩකයෙකු වයස අවුරුදු 30 සීමාව පසුකළ විට එය එම ක්‍රීඩකයාගේ උපරිම දක්ෂතා දක්වන සමය බවද මාවන් පවසා සිටියේ මැතිව්ස්ව කණ්ඩායමෙන් ඉවත් කර තිබීම අපරාධයක් යැයිද පවසමින්. මෙහි වගකීම මැතිව්ස් හට පමණක් නොව ක්‍රිකට් පරිපාලකයන් දැරිය යුතු බවද මාවන් වැඩිදුරටත් පවසා සිටියා.

එහිදී මාවන් පවසා සිටියේ මැතිව්ස් හට සහාය ලබාදීමට අවශ්‍ය බවයි. ඉදිරි වසර 03ක කාලයක් මැතිව්ස්ට සිය ක්‍රිකට් ජීවිතයේ හොඳම වසර තුන බව තේරුම් කර දිය යුතු බවද ඔහු සඳහන් කළා.

මැතිව්ස්ව එක අකෘතියකට පමණක් සීමා නොකළ යුතු බවද පවසන මාවන් අතපත්තු වැඩිදුරටත් පවසා සිටියේ මැතිව්ස්ගේ වෘත්තීය ජිවිතයේ ක්‍රිකට් වාර්තා බැලූ පසුව එය මනාව පැහැදිළි වන බවයි.

මැතිව්ස් සිය පන්දු යැවීම අත්හැර දැමිය යුතු බව පැවසූ මාවන් අවසන් වශයෙන් සඳහන් කර තිබුණේ මැතිව්ස්ට පන්දු යැවීමට බල කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සමබරතාවයක් නැති නිසාවෙන් බවයි.

Rate this item
(1 Vote)