April 27, 2024

භානුකගේ අවස්ථාව යළි අහිමිවන ලකුණු - හිතාමතා කළ වැඩක් යැයි චෝදනා

ශ්‍රී ලංකා - ඉන්දියා තරගාවලිය සඳහා සහභාගී වන්නට භානුක රාජපක්ෂ හට ලැබී තිබූ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ ඔහු හදිසියේ නිරෝදායනයට ලක් කිරීමට කටයුතු කිරීමත් සමගින්.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ රැඳී සිටි ක්‍රීඩක සඳුන් වීරක්කොඩි කොවිඩ් ආසාදිත බවට හඳුණාගැනීමත් සමග යි භානුක රාජපක්ෂ හට නිරෝදායනය වීමට සිදුව ඇත්තේ.

ඔහු සඳුන් වීරක්කොඩිගේ ආශ්‍රිතයෙකු වීම මත මෙලෙස නිරෝදායනයට ලක් කර ඇති බව සඳහන්.

මෙරටින් බිහි වූ අති දක්ෂ ක්‍රීඩකයෙකු වුවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථා අහිමි කළ ක්‍රීඩකයෙකු ලෙසට යි භානුක රාජපක්ෂ කතාබහට ලක් වී ඇත්තේ.

විවිධ හේතු සඳහන් කරමින් ක්‍රිකට් ආයතනය ඔහුව තරග සංචාර සඳහා සහභාගී නොකරගත් අතර මේවන විට ඔහුට නිරෝදායනය වීමට සිදුවීම හේතුවෙන් එළැඹෙන ඉන්දියාවට එරෙහි තරගාවලිය ද භානුක හට අහිමි වනු ඇති බවට සමාජ ජාල තුළ ක්‍රීඩා ලෝලීන් සිය කනස්සල්ල පළ කොට තිබෙනවා.

එමෙන්ම ඇතැම් ක්‍රීඩා ලෝලීන් සඳහන් කර ඇත්තේ මෙය අහඹු සිදුවීමක් නොවනු ඇති බවට සැක සහිත බව යි.

භානුක රාජපක්ෂ තරගාවලියෙන් ඉවත් කිරීම සඳහා සිතා මතා ඔහුව නිරෝදායන ක්‍රියාවලියට යොමු කර ඇති බවට ඔවුන් චෝදනා නගනවා.

කෙසේ වෙතත් භානුක රාජපක්ෂට අමතරව තවත් ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණ සඳුන් වීරක්කොඩිගේ ආශ්‍රිතයන් ලෙස නිරෝදායනයට ලක් කර තිබෙනවා.

අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, රොෂේන් සිල්වා, මහේල උඩවත්ත, අෂාන් ප්‍රියංජන්, චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ප්‍රබාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු මදුසංඛ, දිල්ෂාන් මුනවීර, මලින්ද පුෂ්පකුමාර සහ ලහිරු ගමගේ එම පිරිස යි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 21:54