May 19, 2024

ඉන්දියානු - ශ්‍රී ලංකා තරඟාවලියත් කල් යන ලකුණු

ඉන්දියානු කණ්ඩායම සමඟ මෙරටදී පැවැත්වීමට තිබෙන සීමිත පන්දුවාර තරඟාවලිය කල්දැමීමේ සුදානමක් පිළිබඳව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශේලේෂකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙම තරඟාවලිය කල් දැමීමට සුදානමක් ඇති බවටයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසන ආකාරයට එළැඹෙන සඳුදා  (12) දිනයේදී තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට RT සහ PCR පරික්ෂාවන් සිදුකිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව එහි ප්‍රතිඵලයන් මත ක්‍රීඩකයන්ට තරඟාවලිය සඳහා වූ ජෛව ආරක්ෂණ බුබුළට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට මෙන්ම දත්ත විශේෂලෙකවරයාට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවද ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරඟාවලිය ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ජූලි 17 වැනිදා දක්වා කල් යනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 10:38