April 27, 2024

ලංකාවේ නම කෑ තිදෙනා ගැන නිවේදනයක්

එංගලන්තයේ දී විනය කඩකළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පංච පුද්ගල මණ්ඩලයක් පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා.

අදාළ ක්‍රීඩකයින්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම මණ්ඩලය විසින් කරුණු සොයා බැලීමට නියමිත යි.

එම පංච පුද්ගල මණ්ඩලය මෙසේ යි...

  1. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක
  2. නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද
  3. නීතිඥ අසේල රැකව
  4. නීතිඥ උචිත වික්‍රමසිංහ
  5. විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස්, කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හට යි.

ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගාවලියේ අවසන් තරගය පරාජය වීමෙන් අනතුරුව එදින පස්වරුවේ දී ජෛව ආරක්ෂණ බුබුළු සංකල්පය ද නොතකමින් ඩර්ම් නගරයේ වීදි සැරූ මොවුන්ගේ වීඩියෝවන් අන්තර්ජාලයට නිකුත්වීමත් සමග උණුසුම් වාතාවරණයක් හටගත්තා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 July 2021 09:42