April 27, 2024

තරඟ තහනමක් ලැබුණු භානුක ගැන කණගාටුදායක ආරංචියක්

ශාරීරික යෝගත්‍යාතවය නොමැති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කර තිබූ භානුක රාජපක්ෂ දැඩි උත්සාහයකින් පසුව සිය ශාරීරක යෝග්‍යාතවය මනාව සකස් කරගනිමින් තමා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු බව මේ වන විටත් පෙන්වා අවසන්.

ඒ අනුව අද (06) දිනයේ සිට ඔහු ඉන්දියානු තරඟාවලිය සඳහා පවත්වාගෙන යනු ලබන ජෛව ආරක්ෂණ බුබුළට එක්ව සිය පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

භානුකගේ නැවත පැමිණීම පිළිබඳව මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවසා තිබුණේ භානුක රාජපක්ෂ විසින් 2019-20 වසරවලට අදාළ ක්‍රීඩා ගිවිසුමේ කොන්දේසි කඩා ඇති බවයි. ඔහු විසින් සමාජ මාධ්‍ය තුළ සහ මාධ්‍ය ආයතනයන්වලට ලබාදුන් ප්‍රකාශ නිසා භානුක හට වසරක සියලු ආකාරයේ තරඟ තහනමක් පැනවූ අතර එය වසර 02ක් සඳහා අත්හිටුවීමටත් තීරණය කර තිබුණා.

එමෙන්ම ඇමෙරිකානු ඩොලර් 5000ක දඩයක් ද ඔහුට විරුද්ධව නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙවැනි තත්ත්වයක් යටතේ භානුක රාජපක්ෂ පිළිබඳව තවත් කණගාටුදායක පුවතක් වාර්තා වෙලා තියෙනවා.

ඊයේ (05) දිනයේ දී මෙරට ප්‍රධාන පෙළේ පුවතපතක් විසින් වාර්තා කර තිබුණේ භානුක රාජපක්ෂ අමෙරිකානු කණ්ඩායමට සම්බන්ධ වීම සඳහා මෙරටින් පිටත්ව යෑමට සුදානමක් ඇති බවයි.

එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ භානුක රාජපක්ෂගේ අමෙරිකානු එක්සත් ජනපදයේ ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අගෝස්තු මස පළමු සති 2ක තුළ ආරම්භ වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබෙනවා කියලයි.

මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ පසුව ඉවත්වූ අමිල අපොන්සු, ශෙහාන් ජයසූරිය වැනි ක්‍රීඩකයන්ද අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වී සිටිනවා.

මෙම පුවත සම්බන්ධයෙන් භානුක රාජපක්ෂ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

Rate this item
(7 votes)