April 27, 2024

භානුක රාජපක්ෂට අත්හිටවූ තරඟ තහනමක් - දැවැන්ත දඩයකුත් ගසයි

පසුගිය කාල සීමාව පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතාබහකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ හෙට (06) දිනයේ සිට ජෛව ආරක්ෂණ බුබුළට ඇතුළු වී සිය පුහුණු වීම් ආරම්භ කිරීමට නියමිත තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් වූවත් එය පිටුපස තවත් කතාවක් ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.

ඒ අනුව භානුක රාජපක්ෂ හට සියලු තරඟ රටා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරඟ තහනමක් පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් 5000ක් නැතිනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියනයකට ආසන්න දඩයක් ද පනවා තිබෙනවා.

මෙලෙස දඩ මුදලක් ගසා තරග තහනම් කිරීමට හේතුව වී තිබුණේ ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හා විවිධ නාලිකාවන් හරහා සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවන්ය. එහිදී භානුක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඇතුළු බොහෝ දෙනෙකුට දැවැන්ත චෝදනාවන්ද එල්ල කර තිබුණා.

කෙසේ වෙතත් මෙම තරග තහනම් වසර 02ක් සඳහා අත්හිටුවා තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය මාධ්‍ය නිවේදනය හරහා පවසා තිබෙනවා.

භානුක විසින් ඉන්දියානු තරඟාවලිය සඳහා පුහුණු වීම් ආරම්භ කර ඇති 13 දෙනෙකුගෙන් යුතු සංචිතය සඳහා හෙට (06) දිනයේ දී එකතු වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

May be an image of text

Rate this item
(5 votes)