May 20, 2024

ප්‍රේක්ෂක ඉල්ලීම ඵල දරයි - භානුක ජාතික සංචිතයට කැඳවයි

ශාරීරික යෝග්‍යතාවය නොමැති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කර තිබූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අද තමන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු අයෙකු බව ඔප්පු කර පෙන්නුවා.

ඒ කිලෝ මීටර් 2ක් විනාඩි 8යි තප්පර 35ක් තුළ දිවීමේ පරික්ෂණය සහ ස්කින් ෆ්ලෝඩ් (Skin Folds) පරික්ෂණය සාර්ථකව ජය ගැනිමෙන් පසුවයි.

මෙරට ක්‍රිකට් ලෝලීන් විසින් ද බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂ කැඳවන ලෙස ඉල්ලීම් කර සිටියේ ඔහුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන්නට පෙර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ සුවිශේෂි දක්ෂතා නිසයි.

මේ වන විට ඉන්දියාව සමඟ පැවැත්වෙන T20 සහ එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුතු විශේෂ සංචිතයක් නම් කර තිබෙනවා. ඔවුන් දැනටමත් පුහුණු වීම් ආරම්භ කර ඇති බවටයි සඳහන් වන්නේ.

ශාරිරික යෝග්‍යතාවය සමත් වූ භානුක රාජපක්ෂ ද හෙට (03) දිනයේ දී මෙම 13 දෙනෙකුගෙන් යුතු විශේෂ සංචිතය සමඟ එක්වී සිය පුහුණු වීම් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සැබැඳි පුවත - 

භානුක පාස් ! තීරණාත්මක තීරණය සුදානම්!!

Rate this item
(7 votes)
Last modified on Friday, 02 July 2021 18:04