April 27, 2024

භානුක පාස්! තීරණාත්මක තීරණය සූදානම්!!

සියලු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ හට හැකිව ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව භානුකට මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බව යි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

එළඹෙන ඉන්දීය තරගාවලි සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව මේ අනුව ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් එම තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා නොවන අතර භානුක මෙම සංචාරයට එක් කරගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක ලෙස බලපාන තීරණයක් විය හැකි බවට යි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ.

භානුක, කිලෝමීටර් 2ක යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.33කින් නිමා කර ඇති බව සඳහන්.

එමෙන්ම "ස්කින් ෆෝල්ඩ්" පරීක්ෂණයෙන් ද භානුක සමත්ව ඇත්තේ එය 104 සිට 71 දක්වා අඩු කර ගනිමින්.

භානුක රාජපක්ෂ පිළිබඳ පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් මැවුනේ යූටියුබ් නාලිකා කිහිපයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවල දී ඔහු කළ ප්‍රකාශ හේතුවෙන්.

තමන් තරග සංචාර සඳහා එක් නොකරගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන මිකී ආතර්ගේ තීරණයක් උඩ බවට ඔහු දැඩිව චෝදනා කර සිටියා.

එමෙන්ම ක්‍රිකට් ලෝලීන් ද කාලයක සිට ප්‍රශ්ණ කරමින් සිටින්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවන පසුබිමක භානුක වැනි දක්ෂයෙකුට අවස්ථාව නොදෙන්නේ ඇයි ද යනුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 July 2021 16:52