May 10, 2024

“මෙන්ඩිස්ව ඉවත් කරන්න හිටියේ - අපේ කාර්ය පහසු වුණා” - ක්‍රිකට් ආයතනය තුළින් දැන් ඇහෙන කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්ව එංගලන්තය සමඟ දැන් පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියෙන් ඉවත් කිරීමේ සුදානමක් තිබූ බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

එංගලන්තය සමඟ පැවැති T20 තරඟාවලිය අන්ත ලෙස පරාජයට පත් වීමෙන් පසුව තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු සමඟ එක්ව මෙම තීරණය ගෙන තිබුණු බවත් සඳහන් වෙනවා. 

මෙම තීරණය කුසල් මෙන්ඩිස්ට දැනුම් දීමට තිබියදී පසුගිය 27 වැනිදා ඔහු විසින් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සමඟ එංගලන්තයේ ඩර්හැම් විදියේ ඇවිදමින් සිට තිබුණේ.

ඩර්හැම් සිදුවීමෙන් පසුව කුසල් මෙන්ඩිස්ව ඉවත් කිරීමට පහසු වී තිබුණු බවද එම ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් පවසා තිබෙනවා. 

එංගලන්ත සංචාරයට පෙර කුසල් මෙන්ඩිස්ට උප නායකත්වය ලබාදෙන අවස්ථාවේ ඔහුට දැඩි අනතුරු ඇඟවීම් කිහිපයක්ම කර තිබුණු බවයි සඳහන් වන්නේ. එහිදී කණ්ඩායම තුළදී නිහතමානීව කටයුතු කරන ලෙසත්, නවක ක්‍රීඩකයන්ට ආදර්ශමත් ක්‍රීඩකයෙකු ලෙස හැසිරෙන ලෙසත්, තම චරිතය හොඳින් පවත්වා ගෙන යන ලෙසත් දැනුම් දී තිබුණු බවයි සඳහන් වන්නේ.

නමුත් කුසල් මෙන්ඩිස් විසින් නිතරම සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් සිටින බවට වාර්තා වීම නිසා මෙන්ම ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් තිබුණු ගැටලුකාරී බව නිසා ඔහුව ඉවත් කිරීමට සුදානමින් සිටි බවටයි මෙම අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටියේ.

කණ්ඩායම සඳහා නව උප නායකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, සමහර විට උප නායකයෙකු පත් නොකර තරඟාවලියේ තරඟ කරනු ඇති බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් සුදුසුකම් මත නව උප නායකයෙකු පත් කරගැනීම සඳහා තේරීම් කමිටු සාමාජික රොමේෂ් කළුවිතාරණ හා කණ්ඩායම් කලමණාකාරීත්වයට පැවරෙනු ඇති බවද මෙම ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.

මුලාශ්‍රය - BDCricTime

Rate this item
(2 votes)