April 30, 2024

ලංකාවේ ක්‍රිකට් නම කෙළෙසූ තිදෙනාට ලැබෙන 'දරුණු දඬුවම' ගැන ඉඟියක්

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන තිදෙනාට වසර 05ක වත් තරග තහනමක් පැනවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

ඒ ඔවුන් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හට සිදු කළ අපකීර්තියට දඬුවම් ලෙස යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සියළුම ආකාරයේ ක්‍රිකට්වලින් අවම වශයෙන් වසරක හෝ තහනමක් මොවුන් තිදෙනාට ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව යි.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා මෙරටට කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ 20 විස්ස තරගාවලිය පූර්ණ තරගාවලි පරාජයක් ලෙස අවසන් කරගැනීමෙන් අනතුරුව, එක්දින තරගාවලියට එක් දිනක් පමණක් ඉතිරිව තිබියදී ඔවුන් ජෛව ආරක්ෂණ බුබුළ බිඳහෙළමින් එංගලන්තයේ වීදි සරමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල තුළ පළවීමත් සමගයි.

ඒ අනුව ක්‍රීඩකයින් තිදෙනා අද දහවල් මෙරටට පැමිණියා.

නිරෝදායනය සඳහා ඔවුන් යුද හමුදා භාරයට පත් කොට ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 19:17