May 11, 2024

ජෛව බුබුළෙන් පැන්න තිදෙනාට ලැබුණු විධායක තීන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව T20 තරඟාවලියේ අන්ත පරාජයකට මුහුණ දීමෙන් පසුව එංගලන්තයේ ඩර්හැම් වීදියේ විනෝද වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක හට එරෙහිව මේ වන විට විනය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම තිදෙනාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මඟින් ජෛව බුබුළ සඳහා වන නීතිය උල්ලංඝනය කිරීමේ වරදට තරඟ තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ‍මොහාන් ද සිල්වා මහතා පවසා තිබෙනවා.

මෙම තරඟ තහනම පරික්ෂණ අවසන් වෙනතුරු ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සිල්වා මහතා සඳහන් කර සිටියේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාව බලා එන ඊළඟ ගුවන් යානයෙන් ම තිදෙනාවම මෙරටට ගෙන්වා වහාම පරික්ෂණයක් ආරම්භ කරන බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාරවරයාට නියෝගයක් ද ලබා දී තිබෙනවා. 

ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ල යන ක්‍රීඩකයන් මේ වන විට ඔවුන්ට අයත් කාමරවල නිරෝධායනය කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම විසින් කටයුතු කර ඇති බවද සඳහන් වෙනවා. මෙම තිදෙනා ඩර්හැම් නගරයේ පුරාවට සංචාරය කර මධ්‍යම රාත්‍රීයේ දී නැවත සිය හෝටලය වෙත පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. 

අනිකුත් කිසිදු ක්‍රීඩකයෙකු ජෛව බුබුලෙන් පිටතට ගොස් නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 17:08