May 10, 2024

"ඒ දෙන්නා කළේ එක වරදයි, ඕක අලුත් දෙයකුත් නෙවෙයි" - ක්‍රිකට් ආයතනය තුළින් අමුතු කතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ වීදියක යම් කාර්යයක් සිදුකිරීමට උත්සහ දරන විඩියෝවක් අද දිනයේ සමාජ ජාල තුළ දැඩි අවධානයක් ගෙන තිබෙනවා.

එමෙන්ම මේවන විට මෙම සිදුවීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද ප්‍රධාන පුවතක් බවට පත්ව ඇති බව දක්නට හැකියි.

ජෛව ආරක්ෂණ බුබුළකට යටත්ව මෙම තරගාවලිය සිදු කෙරෙන බව පැවසුනත්, මෙලෙස මොවුන් වීදිසැරීම හරහා එම බුබුළ බිඳි යන බව යි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස වීදි සංචාරය කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකරු පවසනවා.

ඔහු මෙලෙස ප්‍රකාශ කොට ඇත්තේ මෙරට රූපවාහිනී නාලිකාවක් සිදු කළ විමසීමක දී.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ඔවුන්ගේ නිරෝදායන කාලය අවසන් කොට ඇති බැවින් මෙහි කිසිදු ගැටළුවක් නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.

කලමනාකාරවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ක්‍රීඩකයින් දෙදෙනා සිදු කර ඇති එකම වරද වන්නේ මුහුණු ආවරණ නොමැතිව වීදි සැරීම පමණක් බවයි.

එමෙන්ම අවසන් තරගයට පෙර පැවැති තරග අවසානයේ දී ද මොවුන් මෙලෙස හැසිරී ඇති බව ද ඔහු ප්‍රකාශ කොට ඇති බව අදාළ රූපවාහිනී නාලිකාව වාර්තා කොට තිබුණා.

කරුණු එසේ වුවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අදාළ ආන්දෝලනාත්මක වීඩියෝව වෙත යාම සඳහා මෙතැන ක්ලික් කරන්න

Rate this item
(4 votes)
Last modified on Monday, 28 June 2021 16:29