May 10, 2024

එංගලන්තයේ “හොර වැඩ” කළ ප්‍රබලයින් දෙදෙනා ගැන ක්‍රිකට් ආයතනයෙන් තීන්දුවක්

එංගලන්තයේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙපළක් වන නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් තීන්දුවක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වන ශම්මි ද සිල්වා මහතා විසින් පවසා ඇත්තේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාව නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර ඇති බවයි. 

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාරවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බව ඒ මහතා සඳහන් කර තිබෙනවා.

එංගලන්තය සමඟ පැවැති T20 තරඟාවලිය අන්ත ලෙස පරාජයට පත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඊයේ (27) දිනයේ එංගලන්තයේ ඩර්හැම් වීදියේ රාත්‍රීයේ යම් රහස් ක්‍රියාවක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ද ඇති කිරීමට සමත්ව තිබෙනවා.

මොවුන් දෙපළ පිළිබඳව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද ක්‍රිකට් ආයතනය සුදානම් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් ගුවන්විදුලි නාලිකාවකට අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබුණා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටිනවා.

සබැඳි පුවත -්‍

පැරදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්ත වීදිවල කරන 'හොර වැඩ' සියල්ල හෙළිවෙයි (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 10:37