May 10, 2024

පැරදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්ත වීදිවල කරන 'හොර වැඩ' සියල්ල හෙළිවෙයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වුණත්, මෙරට ප්‍රේක්ෂකයන් සහ හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉතාමත් කණගාටුවෙන් සටහන් තැබුවත්, සංවාද සිදු කළත් මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඒ කිසිදු දෙයක් පිළිබඳව කණගාටුවක් නොමැති බවට පෙනී යයි.

එයට හේතුව වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු ඊයේ (27) දිනයේ එංගලන්තයේ ඩර්හැම් නගරයේ විදී අතර සිදුකරන දෙයක දර්ශන නිකුත් වීමත් සමඟයි.

ඩර්හැම් නගරයේ ජීවත් වන ශ්‍රී ලංකාවේ තරුණයෙකු විසින් ඊයේ (27) රාත්‍රීයේ 11.28ට පමණ නගරයේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටින අතර වීදියක සිටි තරුණයෙන් දෙදෙනෙකු දැක තිබුණා.

ඔහු දෙවරක් නොසිතා මෙම දෙපළව සිය දුරකථනයෙන් වීඩියෝ ගත කරන්නේ ඔවුන් දෙදෙනාව හොඳින් දැක පුරුදු භාවයක් තිබූ නිසයි.

මෙම තරුණයන් දෙදෙනා අන් කිසිවකුත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යි. 

ඔවුන්ගේ ඉරියව්වලින් පෙනී යන්නේ දෙදෙනා සිදුකරන්නට තැත් කරන ක්‍රියාව හොර රහසේ කරන්නට උත්සහ ගන්නා බව යි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්ෂන බුබුලකට යටත්ව විදෙස් තරග සංචාර සිදු කරන බව පැවසෙන මොහොතක මෙවන් ක්‍රියාවක් පිළිබඳ හෙළිදරව් වීම ද විශේෂත්වයක්.

මෙම සිදුවීම පටිගත කරන ලද තරුණයා විසින් මෙම වීඩියෝව ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කරමින් පවසා තිබුණේ “ඩර්හැම් නගරයේ අද රාත්‍රීයේ  හුරුපුරුදු මුහුණු, ඔවුන් සංචාරය භූක්ති විඳිති!...නිසැකවම මෙය ක්‍රිකට් ක්‍රීඩා කිරීමක් නොවේ..” යනුවෙනි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිය විරෝධය පළ කරමින් #unfollowcricketers නමින් මෙරට ක්‍රිකට් ලෝලීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතාවයක් ද ආරම්භ කර ඇති අවස්ථාවක මෙවන් සිදුවීමක් වාර්තා වීමද කණගාටුදායක තත්ත්වයකි.

එමෙන්ම මෙරට හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම පිළිබඳව අදහස් පළ කරමින් එයට සහයෝගය දැක්වීම සඳහා සිය කැමැත්ත පළකරමින් සිටින අවස්ථාවක, වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව මෙරට ක්‍රිකට් ලෝලීන් තුළ තව තවත් අප්‍රසාදය ඇති වෙමින් තිබෙනවා.

එම සිදුවීමේ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 08:47