May 17, 2024

“එයාලා නො.01, අපි නො.09” - මිකී ආතර් පරාජයට හේතු කියයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර කාර්ඩිෆ් හී පැවැත්වෙන T20 තරඟාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.

තරග 02ක තුළම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විසින් කරුණු දැක්වීමක් ද කර තිබෙනවා.

එහිදී ඔහු විසින් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තුළින් ඉදිරියට පැමිණ ඇති බවයි. එංගලන්ත කණ්ඩායම ලෝක T20 ශ්‍රේණිගත කිරීම්වල අංක 01 පසුවන අතර ශ්‍රී ලංකාව අංක 09 යේ පසුවන බවත් එතැනින් වෙනස වැටහෙන බවත් මිකී ආතර් පවසා තිබුණා.

තරුණ කණ්ඩායමක් සමඟ නව ගමනක් ආරම්භ කර ඇති බැවින් සෑම තරඟයක් තුළින්ම හොඳ දැක්වීම් ලබාගත යුතු බවත් ඒවාගෙන් ඉගෙන ගෙන ඉදිරියට යායුතු බවත් ඉදිරියේ දී හොඳටම හොඳ කණ්ඩායමක් නිර්මාණය වනු ඇති බවත් මිකී විසින් පවසා තිබුණා.

පන්දු යැවීම සහ පන්දු රැකීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් හොඳ ප්‍රගතියක් ලබා ඇති බව පැවසූ ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳව වඩාත් අවධානයකින් කටයුතු කර යුතුව ඇති බවයි.

Rate this item
(4 votes)