May 18, 2024

දෙවැනි තරගයත් නිමයි - තරගාවලියේ ඉරණමත් තීන්දුයි

මෙරට වේලාවෙන් ඊයේ (23) අළුයම අවසන් වූ ශ්‍රී ලංකා - එංගලන්ත 20 විස්ස තරගාවලියේ දෙවැනි තරගයේ ජය තහවුරු කරගැනීමට ද එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ DLS ක්‍රමවේදය යටතේ යි.

කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

බිඳවැටුණු කඩුළු ගණන 07ක්.

එංගලන්ත පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් ගෙන දුන්නා.

ඒ අනුව වැඩිම ලකුණු ගණනක් රැස් කළේ ලකුණු 39ක් ලබාගත් කුසල් මෙන්ඩිස් පමණයි.

සියළු දෙනාම ඉතා අඩු ලකුණු ගණනකට දැවී ගියා.

එංගලන්ත කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 112ක්.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම සිය ශක්තිමත් පිතිකරණය යළිත් ප්‍රදර්ශනය කරන්නට වූවා.

මේ අතර පිටිය පිහිටි ප්‍රදේශයට වර්ෂාව ඇදහැලුණු අතර තරගය මඳකට නතර කිරීමටයි තීරණය වූයේ.

ඉන් අනතුරුව DLS ක්‍රමවේදය යටතේ එංගලන්ත කණ්ඩායමට ලැබුණු දුර්වල ඉලක්කය තවදුරටත් අඩු වූ අතර පන්දුවාර 18කදී ලකුණූ 103ක් ලබා ගැනීම ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූවා.

කඩුළු 05ක් බිඳවැටී තිබියදී 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී එංගලන්තය ලකුණු 108ක් ලබාගනිමින් තරගය ජය ගත්තේ තරග 03කින් සමන්විත තරගාවලියේ ජයග්‍රහණය ද කලින්ම තමන් සතු කරගනිමින් වීම විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 06:41