May 17, 2024

ශ්‍රී ලංකා ඉනිම අවසන් - එංගලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දෙවැනි 20 විස්ස තරගය මේවන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

බිඳවැටුණු කඩුළු ගණන 07ක්.

එංගලන්ත පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් ගෙන දුන්නා.

ඒ අනුව වැඩිම ලකුණු ගණනක් රැස් කළේ ලකුණු 39ක් ලබාගත් කුසල් මෙන්ඩිස් පමණයි.

සියළු දෙනාම ඉතා අඩු ලකුණු ගණනකට දැවී ගියා.

එංගලන්ත කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 112ක්.

එංගලන්ත පිලිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 06:41