May 18, 2024

ඉනිමේ භාගයක් අවසන් - ශ්‍රී ලංකාව කඩුළු පෙරහැරක

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අයත් පළමු 20 විස්ස ක්‍රිකට් තරගය මේවන විට පැවැත්වෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිතිකරුවන් මේවන විට දැඩි අසීරු අවස්ථාවකට පත්ව සිටින්නේ ඉතා අඩු ලකුණු ගණනකට කෙටි කලක් තුළ කඩුළු බිඳ වැටීම හේතුවෙන්.

මේවන විට ලකුණු 57කට බිඳ වැටී ඇති ශ්‍රී ලංකා කඩුළු ගණන 04ක්.

නිමා වූයේ තරගයේ 10 වැනි පන්දු වාරයයි.

නායක කුසල් පෙරේරා ලකුණු 19කුත් දසුන් ශානක ලකුණු 02කුත් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාම දැවී ගිය අතර ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියා.

ඔහු ලබා සිටි ලකුණු ගණන 19ක්.

ධනුෂ්කගේ දැවීයාමෙන් අනතුරුව උපනායක කුසල් මෙන්ඩිස් පිටියට පිවිසුණත්, සුපුරුදු ලෙසින්ම අඩු ලකුණු ගණනකට දැවී යාමට ඔහුට සිදු වුණා.

මෙන්ඩිස් ලැබූයේ ලකුණු 09ක් පමණයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා ලකුණු 03කට දැවී ගියා.

දැවී ගිය සියළු ක්‍රීඩකයින් එම ඉරණමට පත් වූයේ ඉතා අපරික්ෂාකාරී ලෙස පන්දුවට පහර දීමට උත්සහ දැරීම නිසා බව පෙනෙන්නට තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 00:04