May 18, 2024

තරගය ඇරඹෙයි - මුලදීම කඩුල්ලක් දැවී යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අයත් පළමු 20 විස්ස ක්‍රිකට් තරගය මීට මඳ වේලාවකට පෙර ආරම්භ වූවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක යි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියා.

ඔහුට එක් ලකුණක් හෝ ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

මෙම පුවත පළ කරන මොහොතවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 09ක් ලබා සිටිනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ තුන්වැනි පන්දු වාරයයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 00:03