May 05, 2024

මතක ශක්තිය අහිමි වුණු ෆැෆ් ඩූ ප්ලෙසිස් PSL තරඟාවලියෙන් ඉවත් වෙයි

පසුගිය 12 වැනිදා පැවැති පාකිස්ථාන සූපර් ලීග් තරඟාවලියේ 19 වැනි තරඟය වූ පෙෂාවර් ස්ලිම් සහ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගයේ දී ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ක්‍රීඩක දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෆැෆ් ඩූ ප්ලෙසිස් අවාසනාවන්ත අනතුරකට මුහුණ දුන්නා.

එහිදී ඔහුගේ හිසේ ග්ලැඩියේටර්ස් කණ්ඩායම පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් හස්නේන් දණිහිස වදින්නේ උඩ පන්දුවක් රැක ගැනීමට ගිය අවස්ථාවේදී‍ෙ

මෙම අනතුරින් පසුව සිහිසුන්ව සිටි ෆැෆ්ව වහාම රෝහල් ගත කර තිබුණා. එහිදී හදිසි පරික්ෂණ කිහිපයක් සඳහා ෆැෆ්ව වෙනත් රෝහලකට ඇතුළු කිරීමට කටයුතු කර තිබුණා.

නමුත් ඊයේ (16) දිනයේ දී ෆැෆ් ඩූ ප්ලෙසිස් පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියෙන් ඉවත් වී නැවත දකුණු අප්‍රිකාවේ සිය නිවහන වෙත යන බවට ජාත්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර තිබුණා.

ෆැෆ් රෝහලෙන් පිටව ආ බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට ප්‍රකාශ කර තිබුණත් සිය මතක ශක්තියට යම් බලපෑමක් සිදුව ඇති බව ඔහු කියා තිබුණා. නමුත් තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ෆැෆ් විසින් පවසා තිබුණේ ට්විටර් පණිවිඩයත් නිකුත් කරමින්.

ෆැෆ් විසින් ඊයේ දිනයේ තබා තිබූ ට්විටර් පණිවිඩය පහතින්,



අනතුර සිදු වුණු ආකාරය පිළිබඳව සම්පුර්ණ විස්තරය පහළ ලින්ක් එකෙන්

ෆැෆ් ඩු ප්ලෙසිස් පිටිය මැද මුහුණ දුන් අවාසනාවන්ත අනතුර (VIDEO)

Rate this item
(5 votes)