April 19, 2024

නවසීලන්තයට නොසිතූ අභියෝගයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් මේවන විට පැවැත්වෙනවා.

ඒ පාකිස්තානය සහ නවසීලන්තය අතර යි.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් හට තමන් බලාපොරොත්තු වූ තරම් ලකුණු ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ.

පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන්ව ලකුණු 134කට සිමා කළා.

ඒ කඩුලු 08ක් දවා ගනිමින්.

නවසීලන්ත කණ්ඩායමේ නම ගිය පිතිකරුවන් කිසිවෙකුට පිටිියේ ස්ථාවර වීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මාටින් ගප්ටිල් ලකුණූ 17යි.

ඩැරිල් මිචෙල් සහ ඩෙවෝන් කොන්වේ ලකුණූ 27 බැගින් ලබා ගත්තා.

නායක කෙවින් පීටර්සන් හට ලබාගත හැකි වූයේ ලකුණු 25ක් පමණ යි.

ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 13.

ජේම්ස් නීෂම් එක් ලකුණකුත්, ටිම් සෙයිෆර්ට් ලකුණු 08කුත්, මිචෙල් ෂැට්නර් ලකුණු 06කුත් ලබා දැවී යද්දී ඉෂ් සෝධි නොදැවී ලකුණූ 02ක් ලබා ගත්තා.

ලැබී ඇති 135ක ඉලක්කය සඳහා මේවන විට පාකිස්තාන පිතිකරුවන් පිළිතුරු ඉනිම ආරම්භ කොට තිබෙනවා.

පසුගිය දා ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයේ පිළිතුරු ඉනිමේ දී පාකිස්තානය කිසිදු කඩුල්ලක් ලබා නොදී ජයග්‍රාහී ඉලක්කය වෙත ගිය අයුරු කැපී පෙනුනා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 21:41