May 01, 2024

ශ්‍රී ලංකා - එංගලන්ත සංචාරයේ බලාපොරොත්තුවක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එංගලන්ත සංචාරය සඳහාද බංග්ලාදේශ සංචාරය මෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැති නවක කණ්ඩායමක් සුදනාම් කර තිබුණා.

ඒ අතර සිටි ක්‍රීඩකයන්ගෙන් කාගෙත් අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙස ධනංජය ලක්ෂාන් පෙන්වා දිය හැකියි. 

තවමත් 22 වෙනි වියේ පසුවන ධනංජය ලක්ෂාන් පසුගිය ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දී මෙන්ම, අබුඩාබි T10 තරඟාවලියේ දීද තමන්ට තරගයක තීරණයට බලපෑම් කළ හැකි බව ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ජාතික කණ්ඩායාම වෙනුවෙන් ක්‍රීඩා කිරීම් සඳහා ඔහු තවමත් වරම් හිමිකර කරගෙන නැතත් ඔහුව මෙවර එංගලන්ත සංචාරය සඳහා කැඳවා තිබුණා. 

නමුත් ධනංජය අද (16) දිනයේ පැවැති පුහුණු තරගයක් අතරතුර ආබාධයකට ලක්ව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවසා තිබුණා. 

ධනංජයගේ දකුණු දණහිසේ අබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බව සඳහන්.

ඔහුට ඉදිරි පුහුණු තරඟ සඳහා සභාගී විය නොහැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවසා තිබුණේ ධනංජය ලක්ෂාන් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ වරම් හිමිකර ගනී යැයි සිතා සිටි ක්‍රිකට් ලොලීන්ට ලක්ෂාන් ගැන අවිනිශ්චිත තත්ත්වයක් ඇති කරමිනි.

එංගලන්තය සමඟ තරඟාවලිය සඳහා ඔහු ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් වාර්තා කර නැහැ.

Rate this item
(1 Vote)