May 20, 2024

ජේම්ස් ඇන්ඩ්‍රසන්ගේ නවතම ටෙස්ට් තරඟ වාර්තාව

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ එංගලන්තය බිහි කළ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ජේම්ස් නැතිනම් ජීම් ඇන්ඩ්‍රසන් විසින් එංගලන්ත ක්‍රිකට් වංශ කතාව අලුත් කරන්නට සමත් වෙලා තියෙනවා.

ඒ එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්වෙමින්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇලෙස්ටෙයාර් කුක් විසින්, ඒ තරඟ 161ක් ක්‍රිඩා කරමින්.

ජීමි අද (10) දිනයේ පැවැත්වෙන නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟය සඳහා සහභාගී විමෙන් පසුව මෙම වාර්තා බිඳී ගියා. 

ඒ අනුව ජීමි ඔහු 2002 වසරේ දී ටෙස්ට් වරම් හිමි කරගැනීමෙන් පසුව තරග 162කට සහභාගි වි තිබෙනවා.

එම කාලය තුළ ඔහු විසින් ටෙස්ට් කඩුළු 616ක් බිඳ දමා තිබෙනවා.

ලෝකයේ වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් ක්‍රිඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ලෝක පුජිත ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර් විසින් වන අතර ඒ ගණන 200ක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 16:10