May 21, 2024

ධනුෂ්ක සහ ධනංජයට හෙට දිනය තීරණාත්මකයි

ශ්‍රී ලංකා කණ්ඩයාම T20 තරඟ 03ක් සහ එක්දින තරඟ 03ක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව තිබේ. මේ තරඟාවලිය සඳහා මේ වන විටත් 24 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

එංගලන්ත සංචාරය සඳහා සුදානම් වීමට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා බංග්ලාදේශ තරඟ සංචාර අතර පැවැති යෝග්‍යතා පරික්ෂණය (Fitness Test) අතර තුරදී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා එය පරික්ෂණය අසමත් විය.

විනාඩි 8යි තප්පර 45ක් තුළ කිලෝ මීටර් 2ක් දිවීම මෙම යෝග්‍යතා පරික්ෂණය වෙයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා හට එංගලන්ත සංචාරයට ඇතුළු වීමට නම් හෙට (04) දිනයේ නැවත පවත්වනු ලබන යෝග්‍යතා පරික්ෂණය සමත් වීම අනිවාර්ය කාරණයක් බවට පත්ව තිබේ.

බංග්ලාදේශ සංචාරයෙන් පසු මෙරටට පැමිණ කණ්ඩායම මේ වන විට නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටින අතර එම ක්‍රියාවලිය අද (03) දිනයේ දී නිමාවට පත්වීමටද නියමිතව තිබේ.

Rate this item
(2 votes)