May 20, 2024

දික්වැල්ල රමේෂ් මෙන්ඩිස්ට දුන්නු උපදේශයෙන් තරඟයේ තීරණය වෙනස් වුණු හැටි (VIDEO)

ඊයේ (28) දිනයේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත වූ එක්දින තරඟාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශයට ජය හිමිකර දෙමින් නිමාවට පත්විය.

තෙවන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 04ක් සමඟින් තරඟ කළ අතර නවකයන් තිදෙනෙකුද ඒ අනුව එක්දින වරම් දිනාගන්නට සමත්විය.ෙ

ඒ ක්‍රීඩකයන් අතර චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් සිටියි. තෙවන තරඟයේ දී මෙම ක්‍රීඩකයන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටද සමත්විය‍ෙ

මෙහිදී රමේෂ්ට කඩුල්ලක් අරන් දීමට ශ්‍රී ලංකා කඩුළු රකින ක්‍රීඩක දික්වැල්ල සමත්වන්නේ හරි අපුරුම වූ ආකාරයකටයි. පළමු තරඟ 02කට ක්‍රීඩා නොකළ නිරෝෂන් දික්වැල්ල මෙහිදී තෙවන තරගයට සහභාගී කරවාගෙන තිබුණි

රමේෂ් මෙන්ඩිස් විසින් 29 පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ කඩුල්ලේ සිටි මොසැඩ්ඩෙක් හුසේන් විසින් හරවා පහරක් එල්ල කරන අතර ඉන්පසුව නිරෝෂන් දික්වැල්ල සිය කණ්ඩායමේ නවක ක්‍රීඩකයාට උපදෙස් ලබාදෙන්නේ “එයා වෙනස් කරාට කමක් නෑ, ඔයා වෙනස් කරන්න එපා” ලෙසිනි. 

එම උපදේශය අනුව  29 වැනි පන්දුවාරයේ  02 වැනි පන්දුව ක්‍රියාත්මක කළ රමේෂ් මෙන්ඩිස් පෙර පරිදිම පන්දුවක් යොමු කරන අතර මොසැඩ්ඩෙක් හුසේන් නැවත හරවා පහරක් එල්ල කිරීමට උත්සාහ කරන අතර එය උඩ පන්දුවක් ලෙස රැකගැනීමට බිනුර ප්‍රනාන්දු සමත්විය.

ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් සිටි මොසැඩ්ඩෙක් හුසේන් එම දැවී යන අවස්ථාවේ පන්දු 72ක් තුළ ලකුණු 51ක් රැස්කරගෙන සිටි අතර එයට හතරේ පහර 03ක් සහ එක් 06 පහරක් ඇතුළත් විය.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Saturday, 29 May 2021 11:16